නිරිතදිග පාකිස්තානයේ සිදුකළ පිපිරීමකින් පාසල් ළමුන් 5 දෙනෙක් ඇතුළු 7 දෙනෙක් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා .
එම ප්‍රහාරයෙන් 23 දෙනෙක් තුවාල ලබා ඇති බවයි සඳහන් වන්නේ .
එරට බලධාරීන් පැවසුවේ පෝලියෝ එන්නත් වැඩසටහනකට සම්බන්ධ වී සිටි පිරිසක් රැගෙන ඒමට ගිය පොලිස් වෑන් රථයක් ඉලක්ක කර එම ප්‍රහාරය එල්ලකර තිබෙන බවයි .
එම ප්‍රහාරයේ වගකීම කිසිවෙක් මෙතෙක් භාරගෙන නොමැති බවයි වාර්තා වන්නේ .