කොන්ග් රේ සුළි කුණාටුව තායිවානයට ඇතුළු වී තිබෙනවා.
වසර 30කට පමණ පසු තායිවානයට බලපෑ ප්රබලතම සුළි කුණාටුව ලෙසයි කොන්ග් රේ සුළිකුණාටුව සැලකෙන්නේ.
තායිවානයේ නැගෙනහිර ප්රදේශයෙන් එය රටතුළට ඇතුළු වී තිබෙනවා.
එහි බලපෑමෙන් මේ වන විටත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර තවත් 70 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.
පාසල් / කාර්යාල හා වෙළෙදසැල් ඇතුළු ස්ථාන රැසක් වසා දැමීමට බලධාරීන් පියවර ගෙන තිබෙනවා.
ගුවන් ගමන් හා බෝට්ටු ප්රවාහන සේවා ගමන්වාර රැසක් ද අත්හිටුවීමටයි පියවර ගෙන ඇත්තේ.
ගස් කඩා වැටීම හේතුවෙන් ප්ර දේශ රැසකට විදුලිබල ඇනහිට ඇති අතර ලක්ෂ පහකට ආසන්න පිරිසකට එළෙස විදුලිබලය අහිමිවී ඇති බවද සදහන්. හතරවන කාණ්ඩයේ සුළි කුණාටුවක් ලෙස එය නම් කර ඇති අතර සුළි කුණාටුව හේතුවෙන් සුළගේ වේගය පැයට කිලෝමීටර 200 ඉක්මවා ඇති බවද සදහන්.