ඉන්දියාවේ දිල්ලි නගරයේ වායුගෝලීය ගුණත්වය තවදුරටත් පහළ වැටී තිබෙනවා.
ඊයේ දිනයට යෙදී තිබූ දීපාවලී උත්සවයෙන් අනතුරුව දිල්ලි නගරයේ වායු ගෝලීය ගුණත්වය සැලකිය යුතු ලෙස පහළ වැටී ඇති බව ඉන්දීය කාලගුණ අංශ නිවේදනය කරනවා.
දීපාවලී උත්සවය හේතුවෙන් ගිනිකෙළි දැල්වීමත් සමගයි මෙම තත්ත්වය හටගෙන ඇත්තේ.
දිල්ලි නගරයේ වායුගෝලීය ගුණත්වය මේ වන විට ඉතා පහළ මට්ටමේ කාණ්ඩයේ පසුවනවා.
අද උදෑසන වන විට දිල්ලි නගරයේ ඇතැම් ප්‍රදේශ ඝන දුමාරයකින් වැසී තිබූ බවයි වාර්තා වන්නේ.
ලෝක සෞඛ්‍ය සංවිධානය ලබාදී ඇති වායුගුණත්ව සීමාවන් ඉක්මවා යමින් දිල්ලි නගරයේ වායු දූෂිත මට්ටමට පැමිණ තිබෙනවා.
අද උදෑසන එම නගරයේ වායු ගුණත්ව දර්ශකයේ අගය සටහන් වූයේ 359ක් ලෙසයි.