ඇමෙරිකා ජනාධිපතිවරණ සටන මේ වන විට දැඩි උණුසුම් මුහුණුවරක් ගෙන තිබෙනවා.
ඇමෙරිකා ජනාධිපතිවරණය පැවැත්වීමට තවත් හරියටම ඇත්තේ දින 5ක් පමණයි.
වෙනත් කිසිදු ඇමෙරිකා ජනාධිපතිවරණයකට වඩා මෙවර ජනාධිපතිවරණය දැඩි තරගකාරී බවකින් යුක්ත බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙනවා.
ඊයේ දිනයේදී රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, නිව් මෙක්සිකෝ හා නෙවාඩා යන ප්රාන්තයන් හිදී මැතිවරණ ප්රචාරක රැළිවලට එක්වුණා.
ඩිමොක්රටික් පක්ෂ අපේක්ෂක උප ජනාධිපති කමලා හැරිස් සහභාගී වූ මැතිවරණ ප්රචාරක රැළි දෙකක් ඇරිසෝනා හා නෙවාඩා යන ප්රාන්තයන්හිදී පැවති බවයි වාර්තා වන්නේ.
ෆ්ලොරීඩා විශ්වවිද්‍යාලයේ දත්තයන්ට අනුව මිලියන 62කට අධික පිරිසක් මේ වන විටත් මැතිවරණය වෙනුවෙන් තම ඡන්දය ප්‍රකාශ කර තිබෙනවා.