රජය මුදල් අච්චු ගසා ඇති බවට කෙරෙන ප්‍රකාශ නිසි වටහා ගැනීමකින් තොරව සිදු කෙරෙන ඒවා බව ශ්‍රී ලංකා මහබැංකුවේ දේශීය මෙහෙයුම් කටයුතු අධ්යක්ෂ ආචාර්ය අනිල් පෙරේරා මහතා පවසනවා.
මහබැංකුව මුදල් නිකුත් කිරීම සාමාන්‍ය ක්‍රියාවලියක් බවත් බැංකු පද්ධතියේ ස්ථාවරත්වය රැක ගැනීම සඳහා එය සිදු කළ යුතු බවයි ස්වාධීන රූපවාහිනී 07 වෙනි පැය වැඩසටහනට එක්වෙමින් ඒ මහතා සඳහන් කළේ.