පරිවර්තන යුගයක් සඳහා වැඩකරන පාර්ලිමේන්තුවක් අවශ්‍ය බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසුරිය පවසනවා.
රට ගොඩනැගීම සඳහා තිරය පිටුපස විශාල කණ්ඩායමක් සිටින බවයි අග්‍රාමාත්‍යවරිය පෙන්වා දුන්නේ.
රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කිරීම පිළිබඳ කිසිදු විවාදයක් නොමැති බවත් වඩා හොඳ ශ්‍රී ලංකාවක් වෙනුවෙන් ප්‍රතිපත්ති සාකච්ඡා කිරීමේ වැඩසටහනකට සහභාගී වෙමින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සඳහන් කළා.
ඩිජිටල් ඇන්ඩ් ක්ලීන් ශ්‍රී ලංකා මැයෙන් එය පැවැත්වුණා.
මේ අතර අග්‍රාමාත්‍යවරිය තවත් සාකච්ඡා කිහිපයකට ද සහභාගී වුණා.
එක් හමුවක් පැවැත්වුණේ එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ ශ්‍රී ලංකාවේ නියෝජිත කුන්ලේ එඩෙනි මහතා සමගයි.
ශ්‍රී ලංකාවේ දේශපාලනය තුළ වැඩිවන කාන්තා නියෝජනය පිළිබඳව කුන්ලේ මහතා සිය ප්‍රසාදය පළකළා.
ශ්‍රී ලංකාවේ කාන්තාවන් සහ ගැහුණු ළමයින්ගේ පෝෂණය වැඩි දියුණු කිරීමේ තීරණාත්මක කාර්ය භාරය ඇතුළු කරුණු පිළිබඳව අග්‍රාමාත්‍යවරිය එහිදී අවධාරණය කළා.
ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රියා තානාපතිනී කැතරිනා වීසර් මහත්මිය සමගද අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සාකච්ඡා කළා.
දෙරට අතර දිගුකාලීන මිත්‍රත්වය සහ සහයෝගීතාවය පිළිබඳවයි අවධානය යොමුවුණේ.
රාජ්‍ය තාන්ත්‍රික , ආර්ථික සහ සංස්කෘතික සම්බන්ධතා ශක්තිමත් කිරීම පිළිබඳවද සාකච්ඡා කර තිබෙනවා.