පදනම් විරහිත චෝදනා එල්ල කරමින් චීනය අපකීර්තියට පත් නොකරන්නැයි චීනය ඇමරිකාවෙන් ඉල්ලීමක් කර තිබෙනවා.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ චීනයේ නිත්‍ය උප නියෝජිත Geng Shuang මහතා මේ බව පැවසුවේ යුක්රේනය වෙත අවි සැපයීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය ඊයේ(31) පැවැත්වූ විවෘත රැස්වීමකට එක්වෙමින්.
චීනය රුසියාවට දක්වන සහාය තීරණාත්මක බව පවසමින් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඇමරිකාවේ නිත්‍ය උප නියෝජිතයා එහිදී කිසිදු පදනමකින් තොරව අඛණ්ඩ ව චීනයට චෝදනා කර තිබෙනවා.
එම ප්‍රකාශයට විරුද්ධත්වය පළ කරමින් චීන නියෝජිතයා සඳහන් කළේ රුසියා-යුක්රේන අර්බුදයට අදාළ කිසිදු පාර්ශ්වයකට චීනය අවි සපයා නොමැති බවයි.
ලෝක වෙළඳ සංවිධානයේ රෙගුලාසීන් හා වෙළඳ නීති-රීතිවලට අනුව, චීන ව්‍යවසායන් රුසියාව, යුක්රේනය ඇතුළු විවිධ රටවල් සමග නිසි අයුරින් ආර්ථික හා වෙළඳ සහයෝගිතා පවත්වා ඇති බවත් එය පදනම් විරහිත චෝදනාවක් බවත් චීනය පවසනවා.
ඇමරිකාව, දේශපාලන ක්‍රම ඔස්සේ යුක්රේන අර්බුදය විසඳා ගැනීමට සැබෑ දායකත්වයක් ලබා දිය යුතු අතර සාමය වෙනුවෙන් ජගත් ප්‍රජාව දැරූ ප්රයත්නයන්ට කිසිසේත් බාධා නොකළ යුතු බව ද චීන නියෝජිතයා සඳහන් කළ බවයි වාර්තා වන්නේ.