ශීත ඍතුව එළඹීමත් සමගම ස්විට්සර්ලන්තයේ සුරීච් නුවර සිට නව ගුවන් සේවාවක, පළමු මංගල ගුවන් යානය ( Inogaral Flight ) අද (01) දින උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියා.
මෙම ප්රථම මංගල ගුවන් ගමන සඳහා ඊඩ්ල්වයිස් ගුවන් සේවය විසින් එයාර් බස් ඒ. 330 වර්ගයේ ගුවන් යානයක් යොදවා තිබූ අතර ජල ආචාර (Water Salute) පවත්වා පිළිගැනීමට කටුනායක ගුවන් තොටුපොළ බලධාරීන් පියවර ගෙන තිබුණා.
අද (01) උදෑසන 09.20 ට ඊඩ්ල්වයිස් ( edelweiss ) ගුවන් සේවයේ ඩබ්ලිව්.කේ.- 68 මෙම ගුවන් යානය තුළ ව්යාපාරික පංතියේ ගුවන් මගීන් 17 දෙනෙකු සහ පිරිමැසුම්දායක පංතියේ ගුවන් මගීන් 221 දෙනෙකු සම ගුවන් යානා කාර්යය මණ්ඩලය ලෙස තවත් 13 වශයෙන් 251 දෙනෙකු කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියා.
මෙම ගුවන් සේවා යානා එළඹෙන 2025 වසරේ ජනවාරි මස සිට සතියකට දින දෙකක් වශයෙන්, සිකුරාදා සහ ඉරිදා දිනවල සුරීච් නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණීමට නියමිතයි.