ගාසා තීරය ඉලක්ක කරගනිමින් ඊශ්‍රායල ආරක්ෂක අංශ එල්ල කළ ගුවන් ප්රහාරයන්ගෙන් සාමාන්‍ය වැසියන් 95 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.
ගාසා තීරයේ සෞඛ්‍ය පද්ධතිය සම්පූර්ණයෙන්ම බිඳ දැමීමේ අරමුණින් ඊශ්‍රායල ප්‍රහාර එල්ල කරන බවටයි ජගත් සංවිධාන නවතම වාර්තාවක් පෙන්වා දෙන්නේ.
සෞඛ්‍ය සේවකයින් හා රෝහල් ඇතුළු සෞඛ්‍ය පහසුකම් සපයන ස්ථාන ඉලක්ක කරගනිමින් ඊශ්‍රායලය සිදු කරන ප්රහාරයන් යුද අපරාධයන් ද වන බව එම සංවිධානය නිකුත් කළ වාර්තාවේ දැක්වෙනවා.
මේ අතර ලෙබනනය ඉලක්ක කරගනිමින් ඊශ්‍රායලය එල්ල කළ ගුවන් ප්රහාරයන්ගෙන් සාමාන්‍ය වැසියන් 45 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.
මිය ගිය පිරිස අතරට සෞඛ්‍ය අංශ සේවකයින් 06 දෙනෙකු ද ඇතුළත්.