අද මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි සිපෙට්කෝ ඉන්ධන මිල සංශෝධනය කරන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා.
මිල සුත්‍රයට අනුව අයි ඕ සී සහ සිනොපෙක් සමාගම් ද ඉන්ධන මිල අඩු කර තිබෙනවා.
ඒ අනුව ඔක්ටේන් 95 ප්රෙට්රල් ලීටරයක් අඩුකර ඇත්තේ රුපියල් 6කින් වන අතර 377කට අලෙවි වූ එම ලීටරයක නව මිල රුපියල් 371ක්.
ලංකා සුපිරි ඩීසල් ලීටරයක් ද රුපියල් 6කින් අඩු කෙරුණා.
ඒ අනුව එය අලෙවි කෙරුණේ රුපියල් 319ක මිලකටයි.
ඉන්ධන මිල සංශෝධනයට අනුව ඔක්ටේන් 92 ප්රෙට්රල් / භූමිතෙල් සහ සුදු ඩීසල්වල මිලෙහි කිසිඳු වෙනසක් සිදුකර නැහැ.
මේ අතර අයි ඕ සී සහ සිනොපෙක් සමාගම් ද අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කර තිබෙනවා.