ජනසෙත පෙරමුණේ නායක බත්තරමුල්ලේ සීලරතන හිමියන් අද (31)වතුකරයේ ජනතාව දීපවාලි සමරන ආකාරය සොයාබැලිමේ සංචාරයක නිරථ වුණා.
ඒ මහ මැතිවරණයට නුවරඑලිය දිස්ත්රික්කය සදහා තරඟ කරන අපෙක්ෂකයන් සමගයි.
හැටන් ඇරොල් වතුයායේ සහ දිඹුල පතන මවුන්ට්වර්නන් වතුයායේ සංචාරයක නිරත වූ සීලරතන හිමියන් එම ජනතාවගේ සුවදුක් සොයා බැලූ බව සඳහන්.
මෙම සංචාරයේදි වතු කම්කරු ප්රජාව අමතමින් සීලරතන හිමියන් කියා සිටියේ මේ රටේ සිංහල දමිල මුස්ලිම් ජනතාව සමග එකට එකතු වී කටයුතු කල හැකි එකම පක්ෂය ජනසෙත පෙරමුණ බවයි.