උතුරු කොරියාව අන්තර් මහද්වීපික මිසයිලයක් අත් හදා බලා තිබෙනවා.
එය මිනිත්තු 86 ක් ගුවනේ පියාසර පියාසර කර ඇති බවයි වාර්තා වන්නේ.
කිලෝමීටර 1,000කට වැඩි දුරක් ගමන් කර නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදට එය පතිත වී තිබෙනවා.
මීට පෙර දකුණු කොරියාව අනතුරු අඟවා තිබුණේ නොවැම්බර් 5 වනදා පැවැත්වෙන ඇමරිකා ජනාධිපතිවරණයට ආසන්න දිනකදී උතුරු කොරියාව මෙම අත් හදා බැලීමට සූදානම් වන බවයි.
කෙසේ වෙතත් උතුරු කොරියාව අවසන් වරට මෙවැනි මිසයිලයක් අත් හදා බැලුවේ පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදීයි.
ඒ එක්සත් ජාතීන්ගේ සම්බාධකවලට ද පිටුපාමින්.
මේ අතර අසල්වැසි ජපානය ද ප්රකාශ කළේ අද මිසයිල දියත් කිරීම තමන් නිරීක්ෂණය කළ බවත්, එය කිලෝමීටර 7,000කට වඩා ඉහළම උසකින් ගමන් කළ බවයි.