දකුණු ආසියා කලාපයේ සෑම අතින්ම පිරිසිදුම රට බවට ශ්‍රී ලංකාව පත් කිරීමේ වැඩපිළිවෙල සකස් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.
ඩිජිටල් ආර්ථිකයක් වෙත රට රැගෙන යන බවයි මාතර ප්‍රදේශයේ පැවති ජන රැළිය අමතමින් ජනාධිපතිවරයා කියා සිටියේ.
රට හදන මාලිමාවේ අපි එකට ජනරැලි මාලාවේ තවත් ජනරැලියක් මාතර උයන්වත්ත ක්‍රීඩාංගනයේදී අද(30) පැවැත්වුණා.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙනුයි එම රැලිය පැවැත් වුණේ.
මහමැතිවරණයට මාතර දිස්ත්‍රික්කයෙන් තරගවදින ජාතික ජනබලවේගයේ අපේක්ෂක කණ්ඩායම ඇතුළු විශාල පිරිසක් ජන රැලියට එක්ව සිටියා