ශ්‍රී ලංකාවේ අවට ගැඹුරු මුහුදේ වෙසෙන තල්මසුන් මරා ඔවුන්ගේ තල්ලෙන් ලබා ගන්නා අම්බර් තොගයක් රුපියල් මිලියන 50ක මුදලකට විකිණීමට උත්සාහ කළ සැකකරුවන් පිරිසක් ඇල්පිටිය ප්‍රදේශයේ දී අද (30) දින අත්අඩංගුවට ගෙන තිබෙනවා .
වලාන මධ්‍යම දුෂණ මර්දන ප්‍රහාරක ඒකකය වෙත ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදීයි මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ .
එහිදී ජාවාරම මෙහෙය වූ ප්‍රධාන සැකකරුවන් දෙදෙනෙක් සහ තවත් සැකකරුවන් තිදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙන බවයි පොලිසිය සඳහන් කරන්නේ .
සැකකරුවන් සතුව තිබී අම්බර් කිලෝ 17යි ග්‍රෑම් 234 ක් පොලිස් භාරයට ගැනීමට කටයුතු කර තිබෙනවා .
පිටිගල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා .