වැඩිවන යුද ගැටුම් හේතුවෙන් ඉරානය සිය මිලිටරි අයවැය තෙගුණ කිරීමට සැරසෙනවා.
ඉරානය සිය මිලිටරි අයවැය 200% කින් වැඩි කිරීමට සැලසුම් කරමින් සිටිනවා.
කෙසේ වෙතත් ඒ සඳහා ඉරාන පාර්ලිමේන්තුවේ අනුමැතිය ද අවශ්‍ය වනවා.
ඊශ්‍රායල හමුදාවේ ගාසා තීරයේ සහ ලෙබනනයේ ප්‍රහාර මධ්‍යයේ මෙම තීරණය ගෙන තිබෙනවා.
යෝජිත අයවැය විවාදයට ගැනෙනු ඇති අතර, එය 2025 මාර්තු මාසයේදී අවසන් කිරීමට නීති සම්පාදකයින් අපේක්ෂා කරනවා.
ස්ටොක්හෝම් ජාත්‍යන්තර සාම පර්යේෂණ ආයතනයේ වාර්තා අනුව 2023 දී ඉරානයේ මිලිටරි වියදම ඇමරිකා ඩොලර් බිලියන 10.3 ක් පමණ වුණා.
එම වසරේ ඔක්තෝබර් 7 වනදා සිට 2024 අප්‍රේල් දක්වා ඇමරිකාව ඊශ්‍රායලයට ඩොලර් බිලියන 12.5 ක මිලිටරි ආධාර ලබා දී ඇති බව ද වාර්තා වනවා.
එමෙන්ම ලෝක බැංකුව විසින් ප්‍රකාශයට පත් කරන ලද නවතම දත්ත වලට අනුව, 2022 වසරේ දී ඉරානයේ මිලිටරි වියදම ඩොලර් බිලියන 6.85 ක්.