දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධුරයට පත් කිරීම අභියෝගයට ලක් කරමින් ගොනුකර ඇති පෙත්සමක වග උත්තරකරුවකු ලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නම් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (29) අවසර ලබා දුන්නා.
අදාල පත්කිරීම අභියෝගයට ලක් කරමින් තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ගොනු කළ පෙත්සමක් අද (29) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවූවා.
එහිදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම පෙත්සමේ වග උත්තරකරුවකු ලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නම් කිරීමට අවසර දෙන ලෙස ඉල්ලා සිටියා.
ඊට අවසර දුන් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල පෙත්සම නොවැම්බර් මස 11 වනදා කැඳවීමටද නියම කළා.