ඉන්දියාවේ කේරළයේ හින්දු දේවස්ථානයක ඇති වූ පිපිරීමකින් බැතිමතුන් 150කට අධික සංඛාවක් තුවාල ලබා තිබෙන බව විදෙස් මාධ්‍ය පවසනවා.
කේරළයේ හින්දු දේවස්ථානයක විශේෂ ආගමික උත්සවයක් පැවති අතර එහිදී භාවිතා කිරීමට ගෙනවිත් තිබු රතිඤ්ඤා හා මල්වෙඩි ඇතුලු පුපුරන ද්‍රව්‍ය තොගයක් හදිසියේ පිපිරීමට ලක්වුණා.
එහිදී දැල්වූ ගිණිකෙලි අදාළ පුපුරන ද්‍රව්‍ය ගබඩා කර තිබූ ස්ථානයට වැටීමත් සමග හදිසි පිපිරීම සිදුවූ බවට පොලිසිය අනුමාන කරනවා.
පිපිරීමෙන් තුවාල ලැබූ 150කට අධික පිරිස අතුරින් 8 දෙනෙකුගේ තත්ත්වය බරපතළ බවයි වාර්තා වන්නේ.
එක්වරම පිපිරීම සිදුවන ආකාරය ඉන්දීය මාධ්‍ය වාර්තා කළා.
පිපිරීමත් සමග රැස්ව සිටි බැතිමතුන් දේවස්ථානයෙන් ඉවතට දිව යන ආකාරයයි එහිදී දැකගත හැකිවුණේ.