මත් කරල් එක්දහස් පන්සිය හැත්තෑවක් සමඟ හිටපු නාවික හමුදා සෙබලෙකු අනුරාධපුර පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අනුරාධපුර පොලිස් කොට්ඨාස බුද්ධි අංශයට ලැබුණු තොරතුරකට අනුව වැටලීම සිදුකෙරුණා.
එහිදී මෙම සැකකරු අත්අඩංගුවට ගත් අතර ඔහු මහපාලාඩිකුලම ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි පුද්ගලයෙක්.
ඔහු නාවික හමුදාවේ සේවය කර ඉන් ඉවත් වූවෙකු බවට අනාවරණය කරගෙන තිබෙනවා.
දීර්ඝ කාලයක් තිස්සේ මෙම පුද්ගලයා මත්ද්‍රව්‍ය ජාවාරම සිදුකර ඇති බවටයි හෙළිවී තිබෙන්නේ.
සැකකරු අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.