ශ්රී ලංකාව සඳහාවන ආරක්ෂණ උපදේශනය ප්රංශය / ඉතාලිය සහ මාලදිවයින වැනි ජනප්රිය ගමනාන්ත වලට සමානව දෙවැනි මට්ටමේ තවමත් පවතින බව ශ්රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිනි ජූලි චන්ග් මහත්මිය අවධාරණය කරනවා.
ජූලි චන්ග් මහත්මිය ප්රකාශ කරන්නේ ශ්රී ලංකාවට සංචාරක තහනමක් පනවා නොමැති බවයි.
පසුගියදා ඇමෙරිකාව ශ්රී ලංකාව සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පිළිබද කරුණු පැහැදිලි කරමිනුයි චන්ග් මහත්මිය මේ බව ප්රකාශ කර ඇත්තේ.
ශ්රී ලංකාවේ ආරුගම්බේ ප්රදේශයේ මතුව ඇති තර්ජනයක් පිළිබද ඇමරිකාව දැනුවත් වූ වහාම ඒ පිළිබද තොරතුරු ශ්රී ලංකා බලධාරීන් සමග හුවමාරුකර ගැනීමට ඇමෙරිකාව කටයුතු කර තිබුණා.
ශ්රී ලංකා රජය එම පණිවුඩය සම්බන්ධයෙන් දැක්වූ කඩිනම් ප්රචාරය අගය කරන ජූලි චන්ග් මහත්මිය ඒ සම්බන්ධයෙන් තවදුරටත් ශ්රී ලංකා රජය සමග සමීපව කටයුතු කරන බවයි සඳහන් කරන්නේ.
දිනපතාම ක්රියාකාරීව මේ සම්බන්ධයෙන් සම්බන්ධීකරණය කරමින් සිටින බවත් ආරක්ෂාව සහ විනිවිදභාවය සම්බන්ධයෙන් ශ්රී ලංකාවේ කැපවීම ද ප්රශංසනීය බවයි ඇය සඳහන් කරන්නේ.
ශ්රී ලංකාවේ ආරක්ෂක අංශ සමග ඇමෙරිකාවේ හවුල්කාරීත්වය ද අගය කරන චන්ග් මහත්මිය ශ්රී ලංකාවේ සංචාරක උපදේශනය සම්බන්ධයෙන් සමාජය නොමග යවන තොරතුරු පිළිබදව ද අවදානය යොමුවී ඇති බවයි පෙන්වා දෙන්නේ.
ශ්රී ලංකාවේ සංචාරය කිරීම සම්බන්ධයෙන් නොමග යවන තොරතුරු සම්බන්ධයෙන් ද ඇය පෙන්වා දී තිබෙනවා.
ඒ අනුව ශ්රී ලංකාවට සංචාරක තහනමක් නොමැති බවයි ඇය සඳහන් කරන්නේ.
පසුගිය සතියේ ඇමෙරිකාව නිවේදනය කළේ නැවත දැනුම් දෙන තුරු ආරුගම්බේ ප්රදේශයේ සංචාරය නොකරන ලෙසයි.
එහෙත් ශ්රී ලංකාව සඳහා ඇමෙරිකාවේ සමස්ත ආරක්ෂණ උපදේශනය වසර ගණනාවක් මුළුල්ලේ පවතින දෙවන මට්ටමේම පවතින බවයි ඇය අවධාරණය කරන්නේ.
මෙය මාලදිවයින ප්රංශය සහ ඉතාලිය ඇතුළු තවත් බොහෝ ජනප්රිය ගමනාන්ත සඳහාවන උපදේශනවලට සමාන බවද ඇය පෙන්වා දෙනවා.
ඒ අනුව ඇමෙරිකානුවන්ට ශ්රී ලංකාවේ සංචාරය කිරීම සම්බන්ධයෙන් පවතින්නේ මීට වසර ගණනාවට පෙර පැවතෙන තත්ත්වයම බවයි ඇමරිකානු තානාපතිනිය සඳහන් කරන්නේ.