ජපානයේ පාලක පක්ෂයේ නව අග්‍රාමාත්‍යවරයාට බහුතරය අහිමි වී තිබෙනවා.
ජපානයේ පාලක ලිබරල් ප්රජාතන්ත්රවාදී පක්ෂය ප්රමුඛ සන්ධානයට පාර්ලිමේන්තුවේ බහුතරය අහිමි වී තිබෙනවා.
ඊයේ පැවැති මැතිවරණයෙන් විපක්ෂයේ පක්ෂ පහළ මන්ත්‍රී මණ්ඩලය ආසන අඩකට වඩා ලබා ගත් බව මැතිවරණ ප්‍රතිඵල පෙන්වා දෙනවා.
තවත් ආසන 22ක ප්‍රතිපල නිකුත් කිරීමට ඉතිරිව තිබෙනවා.
ආසන 235න් ආසන 208ක් විපක්ෂය ලබා ගත්තා.
තනිව ආණ්ඩු කිරීමට නම් ජපාන පාර්ලිමේන්තුවේ පහළ මන්ත්‍රී මණ්ඩලය වන ඩයට් හි බහුතර ආසන 233ක් අවශ්‍ය වනවා.
ලෝකයේ සිව්වැනි විශාලතම ආර්ථිකය පාලනය කරන්නේ ජපානයයි.