මුදල් නාස්ති කරමින් දූෂිතව සිදුවූ දේශපාලනයට තිත තබමින් එය මහජන සේවයක් බවට පත් කරන බවට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.
මේ අතර නාටක සංදර්ශන නොමැතිව දූෂණයට එරෙහිව නීතිය දැඩිව ක්රියාත්මක කරන බවයි ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් අවධාරණය කළේ.
ජාතික ජන බලවේගයෙන් මහ මැතිවරණයට ඉදිරිපත්වන අපේක්ෂකයින්ගේ ජය තහවුරු කිරීම සඳහා ගාල්ල බද්දේගම නගරයේ පැවති ජන රැළියට සහභාගි වෙමින් ජනාධිපතිවරයා මේ බව ප්රකාශ කළා.
රට හදන අපි එකට මාලිමාවට යන තේමාවෙන් ජන රැළිය සංවිධාන කර තිබුණා.
ජාතික ජන බලවේගයේ නියෝජිතයින් කිහිප දෙනෙකු ද ජන රැළිය ඇමතුවා.