ජනාධිපතිවරණයේ දී ජනතාව තමන් ප්රතික්ෂේප කළ බවට පිළිගන්නා බව හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා පවසනවා.
නව ප්රජාතන්ත්රවාදී පෙරමුණ ගම්පහ ප්රදේශයේ දී පැවැත්වූ ජන හමුවකට සහභාගි වෙමින් රනිල් වික්රමසිංහ මහතා මෙම අදහස් පළකළා.
එම පක්ෂයෙන් මහ මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයින් ඇතුළු පිරිසෙක් ඊට එක්ව සිටියා.