පොළොන්නරුව ප්රදේශයේ ප්රධාන සහල් මෝල් සහ අනෙකුත් සහල් මෝල්වල පවතින තොග සංචිත පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් අද (27) පරික්ෂාවට ලක්කළා.
සහල් නිෂ්පාදන ක්රියාවලිය පිළිබඳව ඔවුන් සොයා බැලුවා.
වී ගබඩාවල ඇති තොග ප්රමාණයන් පිළිබඳ දත්ත ලබාගන්නා ලෙස ජනාධිපතිවරයා පසුගියදා නිලධාරීන්ට උපදෙස් ලබාදුන්නා.
ඒ අනුව පාරිභෝගික සේවා අධිකාරයේ නිලධාරීන් එම කටයුතු මේ වන විට ආරම්භ කර තිබෙනවා.
පොළොන්නරුව, මින්නේරිය, ඇතුමල්පිටිය සහ වැලිකන්ද සිංහපුර ප්රදේශයේ පිහිටි වී ගබඩාවල තොග මෙන්ම සහල් තොග පිළිබදව දත්ත ලබා ගැනීමට ඔවුන් පියවර ගත්තා.