පුත්තලම – කොළඹ මාර්ගයේ පුත්තලම නගරය ආසන්නයේ වනසංරක්ෂක කාර්යාලය අසල අද (27 ) දවල් සිදුවු අනතුරකින් හත් දෙනකු තුවාල ලබා රෝහල් ගත කළ බව පුත්තලම පොලිසිය සඳහන් කරනවා.
ත්රීරෝද රථ දෙකක් මුහුණ මුහුණ ගැටී මෙම අනතුර සිදුවී තිබෙනවා.
කොළඹ දෙස සිට පුත්තලම බලා පැමිණි ත්රීරෝද රථයක්, පුත්තලම දෙස සිට කොළඹ දෙසට ගමන් කළ ත්රීරෝද රථයක වැදී මෙම අනතුර සිදු වී ඇති බවයි පුත්තලම පොලිසිය පවසන්නේ.
අනතුරෙන් වයස අවුරුදු 04ක ගෑණු ළමුන් දෙදෙනකු, අවුරුදු 08, 11 පමණ වයසේ පිරිමි ළමුන් දෙදෙනකු හා අවුරුදු 28 හා 35 කාන්තාවන් දෙදෙනකු හා වයස අවුරුදු 42ක් වූ ත්රීරෝද රථ රියදුරු මෙලෙස තුවාල ලබා තිබෙනවා.
ත්රීරෝද රථ දෙකකටම දැඩි අලාභ හානී සිදු වී ඇති අතර පුත්තලම පොලිසිය වැඩිදුර විමර්ශණ සිදුකරනවා.