ඊශ්‍රායල ප්රහාරයන්ගෙන් තම සෙබලුන් හතර දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ බව ඉරානය නිවේදනය කරනවා.
ඉරානය මෙම මස මුලදී ඊශ්‍රායලය ඉලක්ක කර ගනිමින් මිසයිල ප්‍රහාර 200කට ආසන්න සංඛ්‍යාවක් එල්ල කළා.
ඊට ප්‍රතිචාර ලෙසයි ඊශ්‍රායලය ඊයේ දිනයේදී ඊශ්‍රාලයේ හමුදා ඉලක්ක වෙත ප්‍රහාර එල්ල ක ර ඇත්තේ.
ඉරානයේ ටෙහෙරාන් අගනුවර හමුදා ඉලක්ක වෙත හා බටහිර ඉරානයේ ස්ථාන කිහිපයකට ඊශ්‍රායලය ප්‍රහාර එල්ල කර තිබෙනවා.
කෙසේ වුවද ප්රහාරයන්ගෙන් ඉරානයට සුළු හානි පමණක් සිදුව ඇති බවයි එරට ආරක්ෂක අංශ නිවේදනය කරන්නේ.
ප්රහාරයන්ගෙන් හමුදා සෙබලු 4 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ බවද ඔවුන් නිවේදනය කරනවා.
ඊශ්‍රායල ප්රහාරයන්ට ප්‍රතිචාර දැක්වීමට තමන් සූදානම් වුවද කලාපිය සාමය හා ආරක්ෂාව තහවුරු කිරීමට තමන් සතුව ඇති වගකීම සම්බන්ධයෙන්ද පැහැදිලි අවබෝධයක් පවතින බවයි ඉරාන විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ.