ඉතිහාසයේ බිහිවු ආදර්ශමත්ම පාර්ලිමේන්තුව නොවැම්බර් 14 වනදා නිර්මාණය වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.
එළඹෙන අයවැයේ දී රාජ්‍ය සේවක වැටුප් ඉහළ දැමීම කෙරෙහි මේ වන විටත් අවධානය යොමුකොට ඇති බවයි ජනාධිපතිවරයා පවසන්නේ.
රට හදන මාලිමාවේ අපි එකට ජනරැලි මාලාවේ තවත් ජනරැලියක් කහවත්තේදී පැවැත්වුණා.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙනුයි එම රැලිය පැවැත් වුණේ.
මහ මැතිවරණයට රත්නපුර දිස්ත්‍රික්කයෙන් තරගවදින ජාතික ජනබලවේගයේ අපේක්ෂක කණ්ඩායම ඇතුළු විශාල පිරිසක් ජන රැලියට එක්ව සිටියා.