මෙරට පාසල් සිසුන්ගේ පළමු සිනමා නිර්මාණය සිනමාශාලාවල ප්‍රදර්ශනට එක් කිරීමට කටයුතු කර තිබෙනවා.
රත්නපුර සීවලී මධ්‍ය මහාවිද්‍යාලයේ සීවලී ස්වර්ණ හරිත සිනමා සංගමයයි චිත්‍රපටය නිර්මාණය කර ඇත්තේ.
රොකට් ලෙස නම් කර ඇති මෙය පියපුතු සෙනෙහස මෙන්ම නොසැලෙන අධිෂ්ඨාන ශක්තිය මැයෙන අරමුණු සාක්ෂාත් කරගන්නා අයුරු විදහා දක්වන නිර්මාණයක්.
එහි අධ්‍යක්ෂකවරයා ලෙස කටයුතු කර ඇත්තේ දෙනුවන් සමරසිංහයි.
මේ පිළිබද දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් විදුහල්පති නීල් ධම්මික වතුකාරවත්ත මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.