දෙසැම්බර් මාසයේ දී විදුලි ගාස්තු අඩු කිරීම කෙරෙහි රජයේ අවධානය යොමුවී තිබෙනවා.
විදුලිබල මණ්ඩලයේ යෝජනා මහජන උපයෝගීතා කොමිසම මේ දිනවල අධ්‍යයනය කරමින් සිටින බවයි අප කළ විමසීමකදී එම කොමිසම සඳහන් කළේ.
වසර හතරකට වරක් සිදුකළ විදුලි ගාස්තු සංශෝධනය වසර දෙකකට වරක් සිදුකිරීමේ ක්‍රමවේදයක් කෙරෙහි යෝජනා ඉදිරිපත්ව තිබෙනවා.
ලංකා විදුලිබල මණ්ඩලය ඉදිරිපත් කළ එම යෝජනා සම්බන්ධයෙන් ඉදිරියේ දී කරුණු සලකා බැලීමට නියමිත බවයි මහජන උපයෝගීතා කොමිසම පවසන්නේ.