වයඹ දිග බෙංගාල බොක්ක ප්රදේශයේ ඇති වූ දරුණු සුළි කුණාටුව “ඩනා” ඉන්දියාවේ ඔඩිෂා වෙරළ තීරය හරහා ගමන් කරමින් අද සවස් වන විට ක්රමයෙන් දුර්වල වනු ඇති බව සඳහන්.
පැයට කිලෝමීටර් 70-80 ත් අතර සුළං සහිත අධික වර්ෂාපතනයක් සමග මුහුද ඉතා රළු විය හැකි බැවින් වයඹ දිග බෙංගාල බොක්ක මුහුදු ප්රදේශවල බහුදින බෝට්ටු භාවිත කරන්නන් අවධානයකින් කටයුතු කළ යුතු බවට අවවාදාත්මක නිවේදනයක්ද නිකුත් කර තිබෙනවා.