බොදු බල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි ඉදිරිපත් කර ඇති අභියාචනා පෙත්සමක් විභාගයට ගැනීමට අභියාචනාධිකරණය අද (25 ) දින නියම කර තිබෙනවා .
තමන් වහන්සේට නියම වී ඇති සිව් වසරක සිර දඬුවමින් නිදොස් කොට නිදහස් කරන ලෙසයි ඉල්ලා පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි එම පෙත්සම ඉදිරිපත් කර තිබෙන්නේ .
එම පෙත්සම අද (25) කැඳවූ අවස්ථාවේ ඥානසාර හිමි වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම අභියාචනා පෙත්සම විභාගයට ගැනීම සඳහා දිනයක් නියම කරන ලෙස ඉල්ලා සිට තිබෙනවා .
ඒ අනුව අදාළ අභියාචනය ලබන වසරේ අප්‍රේල් මස 03 වනදා විභාගයට ගැනීමටයි අධිකරණය නියෝග කර තිබෙන්නේ .