වහල් වෙළඳාම සම්බන්ධයෙන් බ්‍රිතාන්‍යයේ ඉතිහාසය වෙනස් කළ නොහැකි බව අග්‍රාමාත්‍ය කීර් ස්ටාමර් සඳහන් කරනවා.
වහල් වෙළඳාම හේතුවෙන් පොදු රාජ්‍ය මණ්ඩලීය සංවිධානයට අයත් රටවලට බ්‍රිතාන්‍ය වන්දි ලබා දීමක් සිදු කරන්නේද යන්න බී බී සී පුවත් සේවය නැගූ පැනයකට පිළිතුරු ලබා දෙමිනුයි අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කර ඇත්තේ.
වහල් වෙළඳාම සිදු කිරීම සම්බන්ධයෙන් පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල නායකයින්ට බ්‍රිතාන්‍ය රජය සමඟ ඵලදායී සාකච්ඡාවක් ආරම්භ කිරිමට අවශ්‍යතාවය පවතින බවද බී බී සී පුවත් සේවය මෙහිදී අනාවරණය කළා.
එසේ වන්දි ලබාදීමක් සිදු කිරීමට වුවහොත් පවුම් බිලියන ගණනක් අදාළ රටවලට ගෙවීමට සිදුවනු ඇති බවටයි අනාවැකි පළවන්නේ.
කෙසේ වුවද එවැනි ගෙවීමක් කිසිදු ලෙසකින් සිදු නොකරන බවද සැමෝවා රාජ්‍යයයේ බ්‍රිතාන්‍ය චාන්සලර්වරයා ඊයේ දිනයේදී නිවේදනය කර තිබෙනවා.