ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ මියන්මාර තානාපති මාලර් තන් ටයික් (Marlar Than Htaik ) මහත්මිය අතර හමුවක් ජනාධිපති කාර්යාලයේදී අද (25) දින පෙරවරුවේ සිදු වී තිබෙනවා .
ශ්‍රී ලංකාවේ වත්මන් ආරක්ෂක තත්ත්වය පිළිබඳ මෙහිදී තානාපතිනිය දැනුවත් කළ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සංචාරකයින්ගේ සහ පුරවැසියන්ගේ ආරක්ෂාව මේ වන විටත් තහවුරු කර ඇති බවයි පෙන්වා දී තිබෙන්නේ .
මිනිස් ජාවාරම්කරුවන් විසින් මියන්මාරයේ රඳවා ගෙන සිටිනු ලබන ශ්‍රී ලාංකිකයන් නිදහස් කර ගැනීම සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙහිදී තානාපතිවරිය සමඟ දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබෙනවා .
ශ්‍රී ලංකාව සහ මින්මාරය අතර පවතින වසර 75ක රාජ්‍යතාන්ත්‍රික සබඳතාව සහ දිගුකාලීන සංස්කෘතික සබඳතා තවදුරටත් තහවුරු කර ගැනීමට මියන්මාර රජය කැප වී කටයුතු කරන බවයි තානාපතිවරිය සඳහන් කළේ .
කෘෂිකර්ම, අධ්‍යාපන සහ සංස්කෘතික යන ක්ෂේත්රවල ප්‍රවර්ධනය වෙනුවෙන් දෙරට අතර සහයෝගීතාව ඉහළ නංවා ගැනීමේ වැදගත්කම ද මෙහිදී මාලර් තාන් ටයික් මහත්මිය පෙන්වා දී තිබෙනවා .
ශ්‍රී ලංකාවේ මියන්මාර තානාපති කාර්යාලයේ උපදේශකවරුන් වන ලෙයී ඊ වින් (Lei Yi Win) , තෙට් ෂෝ ටෝ ( Thet Zaw Toe) යන මහත්ම මහත්මීහු ද මෙම සාකච්ඡාවට එක්ව තිබෙනවා .