අලි මිනිස් ගැටුම කළමනාකරණය සඳහා කඩිනම් මැදිහත්වීම් රැසක් සිදු කිරීමට තීරණය කර තිබෙනවා.
අමාත්‍ය විජිත හේරත් මහතා සහ අදාළ නිලධාරීන් අතර පරිසර අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවකදීයී මෙම තීරණ ගැනුනේ.
පසුගියදා දුම්රිය අනතුරකින් වන අලින් දෙදනෙකු මිය ගියා.
අලින් ගම්වැදීම නිසා ප්‍රදේශ රැසකින් දේපල හා ජීවිත හානි වාර්තා වුණා.
වනජීවී දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ පසුගිය වසරේ මෙම කාලයට සාපේක්ෂව අලිඇතුන්ගේ මරණ සියයට පනහකින් අඩු වී ඇති බවයි.
වනඅලින් පහරදීමෙන් සිදු වූ මිනිස් මරණ සංඛ්‍යාව ද සියයට 20 කින් අඩුවී ඇති බවයි ඔවුන් පවසන්නේ.
කෙසේ වෙතත් අනවසර විදුලි රැහැන් ඇටවීමෙන් වන අලින් 90 ක් පමණ ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.
වන අලින් දුම්රියේ ගැටීම වැලැක්වීම සඳහා පියවර කිහිපයක් ගෙන ඇති බව දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා මෙහිදී පැවසුවා.
රාත්‍රී 12 සිට උදෑසන 06 දක්වා පැවති භාණ්ඩ ප්‍රවාහන දුම්රිය ධාවනය දිවා කාලයට මාරු කර තිබෙනවා.