ඩනා සුළි කුණාටුවෙන් ඉන්දියාවේ ඔඩීෂා ප්‍රාන්තයට දැඩි බලපෑම් එල්ලවී තිබෙනවා.
ඩනා සුළි කුණාටුවේ බලපෑමෙන් ඔඩීෂා ප්‍රාන්තයට අධික වර්ෂාපතනයෙන් බලපෑම් එල්ලවී ඇති අතර ගස් කඩා වැටීම් රැසක් සිදුව ඇති බවයි වාර්තා වන්නේ.
ඒ හේතුවෙන් ප්‍රදේශ රැසක විදුලි බලය ඇනහිට ඇති බවද සඳහන්.
පැයට කිලෝමීටර එකසිය දහයක ප්‍රබලත්වයෙන් යුතුව ඩනා සුළි කුණාටුව ඔඩීෂා ප්‍රාන්තයට ඇතුළු වූ බව ඉන්දීය කාලගුණ දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
කෙසේ වුවද ඉදිරි පැය 6ක කාලය තුළදී සුළි කුණාටුවේ ප්‍රබලත්වය අඩුවන බව ද එම දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.
ඩනා සුළි කුණාටුව ගමන් කරනු ඇතැයි සැලකෙන මාර්ගයෙන් මිලියන 1.5 කට ආසන්න ජනතාවක් ඉවත් කිරීමටයි බලධාරීන් පියවර ගෙන ඇත්තේ.
ආහාර, ජලය සහ සෞඛ්‍ය පහසුකම් සහිත තාවකාලික සහන කඳවුරු සූදානම් කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.