චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා හමු වී තිබෙනවා.
ඒ පසුගිය දා රුසියාවේ Kazan හිදී 16 වන බ්‍රික්ස් නායක සමුළුවට සහභාගී වන අතරතුර දීයි.
පැරණි ශිෂ්ටාචාරවලින් පැවත එන සහ සංවර්ධනය වෙමින් පවතින විශාල රටවල් දෙකක් ලෙස මෙන්ම ගෝලීය දකුණේ වැදගත් රටවල් දෙකක් ලෙස චීනය හා ඉන්දියාව සංවර්ධනයේ තීරණාත්මක අදියරක සිටින බව ෂී ජින් පිං මහතා එහිදී ප්‍රකාශ කළා.
මේ අතර ඉන්දීය-චීන සබඳතාවේ ස්ථාවරත්වය හා සංවර්ධනය පවත්වා ගැනීම දෙරටේ ජනතාවට ඉතා වැදගත් වන අතර එය ලෝක සාමය හා ස්ථාවරත්වයට ද අතිශය වැදගත් බව නරේන්ද්‍ර මෝදි මහතා එහිදී පවසා තිබෙනවා.
එමෙන්ම දෙරටේ දේශසීමා මායිම් ප්‍රදේශවල අදාළ ගැටළු විසඳීම සම්බන්ධයෙන් දෙපාර්ශ්වය ධනාත්මක සම්මුතියකට එළඹීම පිළිබඳව ද නායක දෙපළ සාකච්ඡා කර තිබෙනවා.
දේශසීමා මායිම් ප්‍රදේශවල සාමය හා ආරක්ෂාව පොදුවේ සහතික කරමින් අදාළ ගැටළු විසඳීමට සාධාරණ හා යුක්ති සහගත සැලැස්මක් නිර්මාණය කිරීම සම්බන්ධයෙන් ද අවධානය යොමු වූ බවයි වාර්තා වන්නේ.