ආරුගම්බේ ප්‍රදේශයේ ප්‍රහාර සැලසුම් සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් සැකකරුවන් 03 දෙනා රඳවාගෙන ප්‍රශ්න කිරීමට පොලීසිය විසින් රැඳවුම් නියෝග ලබාගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දුව මහතා පවසනවා.
ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට මේ වනවිට තිදෙනෙක් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මේ අතර වත්මන් ආණ්ඩුව යටතේ ලැබී තිබුණු බුද්ධි තොරතුරු පිළිබඳ අවස්ථා කිහිපයකදී ආරක්ෂක මණ්ඩලය රැස්වී ගත යුතු පියවර සම්බන්ධව තීරණ ගත් බවයි අමාත්‍ය විජිත හේරත් මහතා ඊයේ ( 24 ) දින අවධාරණය කළේ.
ආරුගම්බේ සංචාරක කලාපයට ප්‍රහාරයක් එල්ල කිරීමේ සූදානමක් ඇති බවට බුද්ධි අංශ වෙත තොරතුරු වාර්තා වී තිබුණා.
ඒ සම්බන්ධව කඩිනමින් මැදිහත් වී විශේෂ ආරක්ෂක වැඩපිලිවෙලක් ක්‍රියාත්මක කිරීමටයි ආරක්ෂක අංශ කටයුතු කර තිබෙන්නේ .
ඒ අනුව ජනපතිගේ ප්‍රධානත්වයෙන් ආරක්ෂක කවුන්සිලය රැස්ව වහා ක්‍රියාත්මක කළ යුතු ආරක්ෂක වැඩපිළිවෙල සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබෙනවා .
එසේ ලැබී තිබුණ බුද්ධි තොරතුරු සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ පැවති විශේෂ මාධ්‍ය හමුවේදී අමාත්‍ය විජිත හේරත් මහතා කරුණු අනාවරණය කළා.
එමෙන්ම සංචාරකයන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ගත යුතු සෑම පියවරක්ම මේ වන විට ගෙන ඇති බවයි එම මාධ්‍ය හමුවේදී විජිත හේරත් අමාත්‍යවරයා කියා සිටියේ.
මේ අතර මෙරටට සංචාරකයන් වශයෙන් හෝ වෙනත් අවශ්‍යතාවන් සදහා ශ්‍රී ලංකාවට පැමිණ සිටින ඊශ්‍රායල ජාතිකයෙකුට පෞද්ගලික ආරක්ෂාවක් සපයා ගැනීමට අවශ්‍ය වන්නේ නම් ඒ සදහා දැනුම් දීමට දුරකතන අංකයක් හදුන්වා දී තිබෙනවා.
මේ අනුව 071 8592651 යන දුරකතන අංකය ඔස්සේ සංචාරක හා නාවික දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති දමයන්ත විජේශ්‍රී මහතා ඇමතිය හැකි බවයි පොලිස් නාවික කොට්ඨාසය නිවේදනය කළේ.
එළඹෙන සංචාරක සමයේදී මෙරට සංචාරය කරන ලෙස ලොව පුරා සිටින සංචාරකයන්ට ආරාධනය කරන බවයි ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යංශය පවසන්නේ.
සියලුම සංචාරකයින්ට ආරක්ෂාකාරීව මෙරටට සුන්දරත්නවය විදගැනීමට අවශ්‍ය පසුබිම පවතින බව ද එම කාර්යාංශය නිකුත් කළ නිවේදනයේ සඳහන්.
එමෙන්ම සියලුම සංචාරකයන්ට මෙරට රැදී සිටින කාලසීමාවත තුළ උපරිම ආරක්ෂාවක් ලබා දීමට ද උපරිම ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා.
මේ අතර අරුගම්බේ ඇතුළු සංචාරකයන් බහුල ප්‍රදේශවල ආරක්ෂක විධිවිධාන තර කර තිබෙනවා.
ඒ අනුව සංචාරක කටයුතු නිසි පරිදි සිදු වන ආකාරයයි මේ වන විට දක්නට ලැබෙන්නේ.