සියලු පුරවැසියන්ගේ ආරක්ෂාව තහවුරු කොට ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.
ලෝකයේ ඇති දියුණු දේශපාලන සංස්කෘතිය රට තුළ නිර්මාණය කිරීමට ජාතික ජන බලවේගය සමත්වී සිටින බවයි ජනාධිපතිවරයා පවසන්නේ.
රට හදන මාලිමාවේ අපි එකට ජනරැලි මාලාවේ තවත් ජනරැලියක් හලාවතදී පැවැත්වුණා.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙනුයි එම රැලිය පැවැත් වුණේ.
මහමැතිවරණයට පුත්තලම දිස්ත්‍රික්කයෙන් තරගවදින ජාතික ජනබලවේගයේ අපේක්ෂක කණ්ඩායම ඇතුළු විශාල පිරිසක් ජන රැලියට එක්ව සිටියා.
රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩිකිරීම පිළිබඳ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් ද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙහිදි පිළිතුරු දුන්නා.