අසීමිත බදු බරින් ජනතාව නිදහස් කර ගැනීමට දිය යුතු සියලු සහයෝගය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට ලබාදීමට සුදානම් බව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
එම බදු බරට වගකිව යුත්තේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්රමුඛ හිටපු ආණ්ඩුව බවයි ප්‍රේමදාස මහතා චෝදනා කරන්නේ.
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මැතිවරණ ජය තහවුරු කිරීම වෙනුවෙන් සංවිධාන කළ ජන හමුවක් මැද කොළඹ දී පැවැත්වුණා.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහුමාන් මහතාගේ මෙහෙයවීමෙනුයි එය සංවිධාන කර තිබුණේ.