ඉන්දියාවේ මුම්බායි හි සිට කටුනායක ට පැමිණෙමින් තිබූ ඉන්දීය විස්ටාරා ගුවන් සේවයට අයත් ගුවන් යානයක බෝම්බයක් ඇති බවට ලැබී තිබූ දුරකථන ඇමතුමක් හේතුවෙන් එම යානය විශේෂ පරික්ෂාවට ලක් කළ බව කටුනායක ගුවන්තොටුපොළ බලධාරීන් පවසනවා .
ඒ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත්කරමින් ශ්‍රී ලංකා ගුවන්තොටුපොළ සහ ගුවන්සේවා සමාගම පවසන්නේ අද (24) සවස 3:15ට කටුනායකට පැමිණීමට නියමිතව තිබූ එම ගුවන්යානයේ බෝම්බයක් ඇති බවට එය ගොඩබෑමට පෙර දුරකථන පණිවුඩයක් ලැබී තිබුණු බවයි.
ඒ සම්බන්ධයෙන් දැනුම්වත් වීමෙන් අනතුරුව අවශ්‍ය සියලුම ආරක්ෂක පියවර ගත් බව ගුවන්තොටුපොළ පාලනාධිකාරිය පවසනවා .
කුඩා දරුවෙක් ඇතුළුව මගීන් 108 දෙනෙක් සහ කාර්ය මණ්ඩලයේ 8 දෙනෙක් එම ගුවන් යානයේ සිටි බව සඳහන්
එම ගුවන්යානය 2.55ට පමණ ගොඩබස්වා ඇති අතර අනතුරුව එහි සිටි සියලුදෙනා ආරක්ෂා සහිතව ගුවන්යානයෙන් ඉවත්කර අවශ්‍ය ආරක්ෂක පියවර ගත් බවයි ආරක්ෂක අංශ සඳහන් කළේ .
එමෙන්ම මීට පෙර දිනකදීද බෝම්බ බියක් හේතුවෙන් ඉන්දියානු ගුවන් යානයක් හදිසියේ කටුනායක ගුවන්තොටුපොළට ගොඩබස්වා තිබෙනවා.
ඉන් අනතුරුව, කටුනායක ගුවන් තොටුපොළ තුළ ධාවන පථයේ කෙළවර විශේෂ ස්ථානයක රදවා විමර්ශන කටයුතු සිදු කළ අතර එවැනි පුපුරන ද්‍රව්‍ය කිසිවක් එම ගුවන් යානය තුළින් සොයා ගෙන නොමැති බවට කටුනායක ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා සනාථ කර තිබෙනවා.
මෙලෙස විශේෂ සෝදිසියකට ලක් කර තිබෙන්නේ ඉන්දීය Vistara ගුවන් සමාගමට අයත් ගුවන් යානයක්