බිත්තරයක් රුපියල් 41 ට අඩුවෙන් සිල්ලර මිලට අළෙවි කිරීමට හැකි වන පරිදි වෙළඳපොළට බිත්තර නිකුත් කිරිමට බිත්තර නිෂ්පාදනය කරන සංගම් නියෝජිතයන් එකඟතාවය පළ කළ බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසනවා .
බිත්තර නිෂ්පාදනය කරන සංගම් නියෝජිතයන් සමඟ වෙළඳ අමාත්‍යාංශයේදී පැවති විශේෂ සාකච්ඡාවකදී එම නියෝජිතයන් මෙම එකගතාවය දැක්වූ බවයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති හේමන්ත සමරකෝන් මහතා ප්‍රකාශ කළේ .
වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා අමාත්‍යංශයේ ලේකම් එම්.එම්.නයිමුදීන් මහතාගේ ප්‍රධානත්වයෙනුයි මෙම සාකච්ඡාව පවත්වා තිබෙන්නේ .
මෙම විශේෂ සාකච්ඡාවට සහභාගි වූ සමස්ථ ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති සරත් රත්නායක මහතා පැවසුවේ මේ වනවිට වෙළඳපොළේ බිත්තරයක් රුපියල් 45 ට අඩුවෙන් සිල්ලර මිලට ලබා ගත හැකි බවයි.
දැනට දිනක බිත්තර නිෂ්පාදනය ලක්ෂ 85 දක්වා ඉහළ ගොස් ඇති අතර ගොවිපොළෙන් බිත්තරයක් රුපියල් 35,36 තොග මිලට නිකුත් කරන බවද ඔහු සඳහන් කර සිටියා .