මහ මැතිවරණය සඳහා ප්රජාතන්ත්රවාදී ජාතික සන්ධානයේ නාමයෝජනා පත්‍රය භාර ගත යුතුව තිබු බවට අධිකරණය කළ පෙන්වා දීමට අනුකුලව කටයුතු කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය මැතිවරණ කොමිසමට නියම කළා.
වන්නි දිස්ත්‍රික්කය වෙනුවෙන් තමන් භාරදුන් නාමයෝජනා පත්‍රය තේරීම් භාර නිලධාරියා විසින් ප්‍රතික්ෂේප කිරීමේ තීරණය බල රහිත කරන්නැයි ඉල්ලා මෙම පෙත්සම ගොනුකර තිබුණේ ප්රජාතන්ත්රවාදී ජාතික සන්ධානයේ බලය ලත් නිලධාරී පරරාජසිංහම් උදයරාසා සහ තවත් අපේක්ෂකයින් දෙදෙනෙකුයි.
අදාළ නාම යෝජනා පත්‍රය තේරීම්භාර නිලධාරියා විසින් භාර ගත යුතුව තිබු බවට ඊයේ දින ශ්‍රේෂ්ඨාධිකරණය කළ දැනුම් දීම මැතිවරණ කොමිසම පිළිගන්නා බවයි එම කොමිසම වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය පැවසුවේ.
ඒ අනුව ක්‍රියාකරන ලෙස මැතිවරණ කොමිසමට නියම කළ ශ්‍රේෂ්ඨාධිකරණය පෙත්සම් විභාගය අවසන් කිරීමට තීන්දු කළා.