තිකෝ සමුහ ව්‍යාපාරයේ හිමිකාරිනි තිළිණි ප්‍රියමාලි ඇතුලු කිහිපදෙනෙකුට එරෙහිව කොළඹ වාණිජ මහාධිකරණය හමුවේ නඩු පවරා ඇතැයි කොටුව මහේස්ත්‍රාත් අධිකරණය එම සැකකරුවන්ට දැනුම් දුන්නා.
ඊට අදාළ සිතාසි ද විවෘත අධිකරණයේ දී ඔවුන් වෙත ලබා දීමටයි කටයුතු කෙරුණේ.
කෝටිපති ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් මිලියන 226ක් ලබාගෙන එය නොදී සාපරාදී විශ්වාසය කඩ කිරීම ඇතුලු චෝදනා කිහිපයක් ඔවුන්ට එල්ල කර තිබෙනවා.
මෙම නඩුවේ තිළිණි ප්‍රියමාලිගේ පළමු ඇපකරු එම ඇපයෙන් ඉවත් වීමට කළ ඉල්ලීමට අධිකරණය අවසර ලබාදුන්නා.
ඒ අනුව ඉදිරි දින ඇප තැන්පත් කරන ලෙස මහේස්ත්‍රාත්වරිය සැකකාරියට නියම කළා.
ජෙරම් ප්‍රනාන්දු දේවගැතිවරයා රජයේ රස පරික්ෂක හමුවේ කඩහට සාම්පල ලබාදී ඇති බව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ දැනුම් දුන්නා.
ආන්දෝලනාත්මක ප්‍රකාශ සිදු කරමින් ආගම් අතර සංහිදියාව බිද හෙලන ආකාරයේ දේශන පැවැත්වූ බවට ජෙරම් ප්‍රනාන්දු දේවගැතිවරයාට චෝදනා එල්ල වී තිබෙනවා.
මේ පිළිබද වැඩිදුර විමර්ශන සදහා නඩුව කල් තබන ලෙස අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ඉල්ලා සිටියා.
ඒ අනුව නඩුව පෙරබවාරි 19 වනදා දක්වා කල් තැබුණා.