ආගමන විගමන නීති උල්ලංඝනය කරමින් වීසා නොමැතිව මෙරට රැඳී සිටි විදේශිකයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මීගමුව පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරක් මත සිදුකළ වැටලීමකදීයි මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙන්නේ.
සැකකරු වයස අවුරුදු 36ක් වන ඉන්දීය ජාතිකයෙකි.
මීගමුව පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.