මැලේසියාවේ පැවති M.A.M.Malaysia Festival of Speed – 2024 ජාත්‍යන්තර මෝටර් රථ ධාවන තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ ෂෙහාන් ගුණසේකර සහ ටෙහාන් අමරසිරි යන සිසුන් දෙදෙනා එහි ධාවන තරග ඉසව් දෙකක අවසන් මහා තරගවලදී රන් පදක්කම් 02 ක් දිනා ගත්තා.
ඔවුන් ඊයේ (10/22) පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියා.
මෙම තරගාවලිය මැලේසියාවේ සැපැන් නුවර ලෝකයේ රටවල් 10 ක කුඩා මෝටර් රථ ධාවන ශූරයින්ගේ සහභාගීත්වයෙන් ඉකුත් 10/20 දින පවත්වා තිබුණා.
එහිදී වයස අවුරුදු 15න් පහළ කනිෂ්ඨ අංශය යටතේ තරග කළ 14 හැවිරිදි ෂෙහාන් ගුණසේකර සිසුවා එම අංශයේ රන් පදක්කම දිනා ගැනීමට සමත් වුණා.
වයස අවුරුදු 13 න් පහළ කැඩෙට් අංශය යටතේ තරග කළ 11 හැවිරිදි ටෙහාන් අමරසිරි සිසුවා එම අංශයේ රන් පදක්කම දිනා ගැනීමට සමත් වී තිබුණා.
ඔවුන් පිළිගැනීම සඳහා මෙම සිසුන් ඉගෙනුම ලබන ජාත්‍යන්තර පාසැලේ ගුරුභවතුන් , සිසුන් , දෙමාපියන් සහ සහෝදර සහෝදරියන් පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියා.