අද (22)දින මධ්‍යම- නැගෙනහිර බෙංගාල බොක්ක අඩු පීඩන කලාපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
පසුව,එය (22) දින 0000UTC වනවිට පීඩන අවපාතයක් දක්වාත් සහ (23) වන දිනය වනවිට නැගෙනහිර -මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ සුළි කුණාටුවක් දක්වා වර්ධනය විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ.
එම මුහුදු ප්‍රදේශවල තාවකාලිකව ඉතා තද සුළං (පැ.කි.මී. 70-80), සමඟින් තද වැසි පැවතිය හැකි අතර එම මුහුදු ප්‍රදේශ ඉතා රළු විය හැකි බවයි කාළගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කර සිටින්නේ .
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මඟින් මේ සම්බන්ධයෙන් නිකුත් කර ඇති නිවේදන පිළිබඳ සිය අවධානය යොමු කරන ලෙස ධීවර හා නාවික ප්‍රජාවගෙන් ඉල්ලා සිටිනු ලබනවා.