වයඹ පළාතට සංචාරක ආකර්ශනය ලබාගත හැකි ක්‍රමවේද පිළිබද අවධානය යොමුකළ යුතු බව එම පළාත් ආණ්ඩුකාර තිස්ස වර්ණසූරිය මහතා පවසනවා.
අලව්ව කෝප් ෆ්‍රෙෂ් මාර්ට් සුපිරි වෙළදසැල, ග්‍රාමිය බැංකු පරිශ්‍රය, උකස් මධ්‍යස්ථානය හා ඔසු සැල ජනතා අයිතියට පත් කරමිනුයි වයඹ පළාත් ආණ්ඩුකාරවරයා මේ බව ප්‍රකාශ කළේ.
අලව්ව විවිධ සේවා සමුපකාර සමිතිය මගින් මේ සදහා වැයකර ඇති මුදල රුපියල් මිලියන 240 ක්.
ග්‍රාමිය බැංකුව විවෘත කිරිමට සමගාමිව ගිණුම් හිමියන් වෙත පාස්පොත් ලබාදිම ද ආණ්ඩුකාර තිස්ස වර්ණසුරිය මහතා අතින් සිදු කෙරුණා.