හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුළු 14 දෙනෙකුට අදාළ පැමිණිල්ලක් පෙබරවාරි 10 වන දා කැඳවන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා.
පසුගිය ජාත්‍යන්තර කාන්තා දිනයේ කුරුඳුවත්ත පොලිස් වසම තුළ මහජනතාවට අවහිරයක් වන ආකාරයෙන් විරෝධතා සිදුකළ බවටයි ඔවුන්ට චෝදනා එල්ල වී ඇත්තේ.
කුරුඳුවත්ත පොලිසිය අධිකරණය හමුවේ කියා සිටියේ මෙහි විමර්ශන වාර්තා නීතිපති උපදෙස් සඳහා යොමුකර ඇති බවයි.
සැකකාරියන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා පැවසුවේ කාන්තා හිංසනය සම්බන්ධයෙන් සමාජය දැනුවත් කිරීම සඳහා මෙම සැකකාරියන් අදාළ විරෝධතාව සිදුකළ බවයි.
ඒ තුළින් රජය අපහසුතාවට පත් කිරීමේ කුමන්ත්‍රණයක් නොතිබූ බවත් ඔහු පැවසුවා.
කෙසේ වෙතත් මහේස්ත්‍රත්වරයා සඳහන් කළේ මෙම නඩුකරයට අදාළ ගොනු නීතිපති උපදෙස් ලබා ගැනීම සඳහා යොමුකර ඇති බැවින් ඊට අදාළව නීතිපතිවරයා වෙත කරුණු දැක්වීමට පියවර ගන්නා ලෙසයි.
ඒ අනුවයි අදාල පැමිණිල්ල පෙබරවාරි මස 10 වනදා කැඳවීමට නියෝග කෙරුණේ.