බීමත් පුද්ගලයින් පරීක්ෂා කිරීමට ස්වසන පරීක්ෂණ නල මිලදී ගැනීම සම්බන්ධයෙන් පළවන වාර්තා පිළිබඳ පොලිස් මූලස්ථානය පැහැදිලි කිරීමක් සිදුකර තිබෙනවා.
බීමත් රියදුරන් පරීක්ෂාවට ප්‍රමිතියෙන් තොර ස්වසන පරීක්ෂණ නල මිලදී ගෙන ඇති බවට මාධ්‍ය හා සමාජ මාධ්‍ය ජාලාවල පුවත් සංසරණය වනවා.
පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරන්නේ ස්වසන පරික්ෂණ නල පහලොස් දහසක් මිලදී ගැනීම සඳහා ප්‍රසම්පාදන ක්‍රියාවලිය යටතේ ලංසු කැඳවා පුද්ගලික ආයතනයකට ඇනවුම් ලබා දී තිබූ බවයි.
ප්‍රංශයෙන් ආනයනය කළ එහි පළමු පරික්ෂණ නල තොගය පොලිස් සැපයුම් කොට්ඨාසය වෙත ලබාදී තිබුණා.
නල 10 බැගින් අඩංගු පෙට්ටි 197ක් ඊට අයත් වූ අතර එය රජයේ රස පරික්ෂක වෙත යොමු කිරීමටයි කටයුතු යොදා තිබුණේ.
ගුණාත්මක භාවය යහපත් බවට ලැබුණු නිර්දේශය මත එම තොගය රථ වාහන මූලස්ථානය වෙත නිකුත් කර තිබෙනවා.
පරික්ෂණ නල 10 බැගින් අඩංගු පෙට්ටි 14, 803ක් දෙවැනි තොගය ලෙස ලැබී තිබුණා.
එහි ගුණාත්මක භාවය / භාවිතයට නුසුදුසු බව / රජයේ රස පරික්ෂක වාර්තාවෙන් පෙන්වා දී තිබීම මත යළිත් පරික්ෂාවකට ද යොමුකර තිබෙනවා.
ඒ අදාළ සමාගමේ ඉල්ලීම මතයි.
එහිදීද ගුණාත්මක කමිටුව එම නල තොගය ලබා ගැනීම නිර්දේශ කර නොමැති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.
පළමු නල තොගය සදහා පමණක් ගෙවීම් කර ඇතිබවත්/ ඉන්පසු කිසිදු ගෙවීමක් අදාළ සමාගමට ගෙවා නැති බවත් එම නිවේදනයෙන් වැඩිදුර පෙන්වා දී තිබෙනවා.