ඇමරිකා හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අවන්හලක සේවයට එක් වූ පුවතක් ඇමරිකාවෙන් වාර්තා වී තිබෙනවා.
එළඹෙන ඇමරිකා ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින ප්‍රබල අපේක්ෂක ට්‍රම්ප් පෙන්සිල්වේනියා ප්‍රාන්තයේ මැක් ඩොනල්ඩ් අවන්හලකයි මෙලෙස සේවයට එක් වුණු බවයි වාර්තා වන්නේ.
එහි පැමිණි ට්‍රම්ප් අල පෙති බදිමින්, බර්ගර් සකසමින් එම අවන්හලේ සේවකයන් සමග විනෝදයෙන් කටයුතු කළා.
මාධ්‍යවේදීන් විශාල පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටි අතර ඔවුන්ට කෑම පිළිගන්නුවේද ට්‍රම්ප් විසින් බවයි එරට මාධ්‍ය වාර්තා කළේ.
එහිදී කමලා හැරිස් පිළිබඳව ට්‍රම්ප් විවේචනාත්මකව අදහස් පළ කළා.
කමලා හැරිස් පසුගියදා කියා සිටියේ තමාද උසස් පාසල් ශිෂ්‍යාවක ලෙස අවන්හල්වල සේවය කළ බවයි.
ට්‍රම්ප් කියා සිටියේ කමලා හැරිස්ගේ ප්‍රකාශය අසත්‍ය එකක් බවයි.
ඊට ප්‍රතිචාර දැක්වීමට ට්‍රම්ප් මෙලෙස පැමිණි බවටයි චෝදනා එල්ල වන්නේ.