යාපනය චාවකච්චේරි පොලිස් වසමේ මනින්තලෙයි ප්රදේශයේදී ඊයේ (20) දින කේරළ ගංජා තොගයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔවුන් ළඟ තිබූ රුපියල් මිලියන 06 කට අධික කේරළ ගංජා 15 kg ක් සහ 55g භාරයට ගත් බවයි පොලිසිය පවසන්නේ.
එමෙන්ම සැකකරුවන් සඟවා තිබූ ඩිංගි යාත්රාවක්ද සොයාගත් අතර අදාළ කේරළ ගංජා ඉන්දියාවේ සිට මුහුදු මඟින් රැගෙන ඒන්නට ඇති බවට පොලීසිය සැකපල කරනවා.
මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරුවන් 17 සහ 23 හැවිරිදි පුද්ගලයන් වන අතර ඔවුන් චාවකච්චේරි සහ පූනකිරී ප්රදේශවල පදිංචිකරුවන්.
මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සඳහා සැකකරුවන් පූනකරි පොලීසිය වෙතට භාරදීමට පියවර ගත් බව නාවික හමුදාව වැඩිදුරටත් සඳහන් කළා.